• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත කෙටුම්පත් කිරීම
- 1931 අංක 19 දරන බෞද්ධ විහාර ‍දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී පියවර ගෙන ඇති නමුත් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එකී සංශෝධන කටයුතු අවසන් කිරීමට හැකි වී නොමැත. මේ වන විට අදාළ පාර්ශ්වයන් අතර යෝජිත සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවකට එළඹ ඇත. එසේම, කිසියම් නිකායක හෝ පාර්ශ්වයක සංඝ සභාව විසින් එළඹුණ තීරණයක් අනුව කිසියම් භික්ෂුන් වහන්සේ නමක් විසින් කටයුතු නොකරන අවස්ථාවකදී එකී සංඝ සභාවේ තීරණය බලාත්මක කරවීමේ ප්‍රතිපාදන ඇතුළත්ව පනතක් හඳුන්වා දීම පිණිස විවිධ පාර්ශ්වයන් වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා හා අදහස් සැලකිල්ලට ගනිමින්, ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) මූලික පනත් කෙටුම්පත තවදුරටත් සංශෝධනය කරමින්, එකී පනත් කෙටුම්පත සකස් කිරීමට තීරණය වී ඇත. ඒ අනුව, 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සහ ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත කෙටුම්පත් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.