• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ නියෝග පැනවීම
- 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ විධිවිධාන යටතේ සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ (ගෙවීම් ලැබීම පිණිස සුදුසු තැනැත්තන් තෝරාගැනීම) නියෝග 2022 ඔක‍්තෝබර් මස 20 දින අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.