• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැඩිදියුණු කරන ලද "සහයෝගිතාව සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳ සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය" සඳහා වන දෙවැනි අතිරේක ප්‍රොටෝකෝලයට අත්සන් තැබීම (බුඩාපෙස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය
- "බුඩාපේස්ට් සයිබර් අපරාධ පිළිබඳ සම්මුතිය" වශයෙන් හඳුන්වනු ලබන වැඩිදියුණු කරන ලද සහයෝගිතාව සහ ඉලෙක්ට්‍රොනික සාක්ෂි හෙළිදරව් කිරීම පිළිබඳ සයිබර් අපරාධ පිළිබඳ යුරෝපා සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර එම සම්මුතිය 2015 09 01 දින සිට ක්‍රියාත්මක වේ. එහි දෙවන අතිරේක ප්‍රොටෝකෝලය සඳහා 2022 11 30 දින ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් නුවරදී අත්සන් තැබීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත අතර එහිදී එකී ප්‍රොටෝකෝලයට අත්සන් තැබීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.