• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තිරසර සංවර්ධනය, සහයෝගිතාව, හවුල්කාරිත්වය සහ සුදුසු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ජල සමුළුව - 2022
- 2022 12 14 දින සිට 2022 12 16 දින දක්වා “තිරසර සංවර්ධනය, සහයෝගිතාව, හවුල්කාරිත්වය සහ සුදුසු තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ජල සමුළුව - 2022” සංවිධානය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් පියවර ගනු ලැබ ඇත. ජලය පිළිබඳ වෘත්තිකයින්, විදේශීය නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධාන, රජයේ නිලධාරින් හා මාධ්‍යවේදීන් ඒකරාශී කිරීම, පර්යේෂණ සඳහා වන අදහස් හා දැනුම බෙදා ගැනීම, ජල වෘත්තිකයන් අතර සබඳතා ඇති කිරීම සහ විවිධ රටවල ජල ක්ෂේත්‍රයේ අත්දැකීම් හා සාර්ථකත්වයන් හුවමාරු කර ගැනීම යන අරමුණු මෙම සමුළුව පැවැත්වීම මඟින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, අදාළ දේශීය හා ජාත්‍යන්තර ආයතන සම්බන්ධ කර ගනිමින් යෝජිත සමුළුව පැවැත්වීම පිණිස ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.