• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආනයන ප්‍රවර්ධන වැඩසටහන අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්ත රජයේ ආර්ථික කටයුතු රාජ්‍ය ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ආනයන ප්‍රවර්ධන වැඩසටහන සමඟ සැකසූ ආහාර, තිරසර මත්ස්‍ය හා මුහුදු ආහාර සහ අගය එකතු කළ රෙදිපිළි යන අපනයන නිෂ්පාදන සඳහා විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා යෝජනා වී ඇත. ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා යුරෝපා වෙළෙඳපොළට පිවිසීමට ඇති අවස්ථා පුළුල් කිරීම යෝජිත අධ්‍යයනයේ අරමුණ වේ. එම අධ්‍යනය සඳහා ස්විට්සර්ලන්ත ෆ්රෑන්ක් 100,000ක මුදලක් ස්විට්සර්ලන්ත ආනයන ප්‍රවර්ධන වැඩසටහන මඟින් දරනු ලබයි. ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.