• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත බැංකු (විශේෂ විධිවිධාන) පනත
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයන්හි අර්බුද කළමනාකරණ රාමුව යටතේ බැංකු නිරාකරණ රාමුව සවිමත් කිරීමේ අවශ්‍යතාව හදිසි හා ප්‍රමුඛ කාර්යයක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගනු ලැබ ඇත. මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම පිණිස නිරාකරණ රාමුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව විසින් ද පෙන්වා දී ඇත. කෙටි කාලසීමාවක් තුළ පරිපූර්ණ නව බැංකු නීතියක් පැනවීමේ අපහසුතාව සැලකිල්ලට ගෙන, බලපත්‍රලාභී බැංකු නිරාකරණය, තැන්පත් රක්ෂණය සහ බලපත්‍රලාභී බැංකු ගණන් බේරා වසා දැමීම/ඈවර කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් 1988 අංක 30 දරන බැංකු පනතට පරිපූරකයක් ලෙස යෝජිත බැංකු (විශේෂ විධිවිධාන) පනත හඳුන්වා දීමට තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, මූලික පනත් කෙටුම්පතක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළියෙල කර ඇති අතර, එකී මූලික පනත් කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.