• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1865 අංක 16 දරන පොලිස් ආඥාපනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම
- දැනට බලාත්මක 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත මීට පෙර අවස්ථා 37කදී සංශෝධනය වී ඇති අතර, එකී ආඥාපනත නැවත සංශෝධනය කිරීම සඳහා 2014 නොවැම්බර් මස 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නමුත්, වර්තමාන සමාජ ප්‍රවණතා මත පදනම්ව ඒ සඳහා නව පනතක් හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.