• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම
- තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තරුණ නියෝජනය සඳහා අවස්ථාව සලසා දීම පිළිබඳව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. මේ වන විට ඊට අදාළව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේම්නාත් ශ්‍රී දොලවත්ත මැතිතුමා විසින් පුද්ගලික පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර, එකී පනත් කෙටුම්පතට සහයෝගය දක්වමින් සමස්ත තරුණ ප්‍රජාවේ උන්නතිය සහ ඔවුන්ගේ අභිලාෂයන් සාධනය කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් පළාත් පාලන ආයතන තුළ තරුණ නියෝජනය වැඩි කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනතේ දැනට පවතින විධිවිධාන පරිදි කාන්තා නියෝජනය සුරැකෙන ආකාරයට පළමු නාමයෝජනා පත්‍රය අනුව තෝරා පත් කර ගත යුතු සභික සංඛ්‍යාවෙන් 25%කට නොඅඩු සංඛ්‍යාවක් හා දෙවන නාමයෝජනා පත්‍රය අනුව තෝරා යැවිය යුතු සභික සංඛ්‍යාවෙන් 25%කට නොඅඩු සංඛ්‍යාවක් තරුණ නියෝජිතයින් පත් කිරීම සඳහා වන විධිවිධාන සලස්වමින් පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කරන ලදී.