• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පාරිසරික ලේබල්කරණය පිළිබඳ ජාතික රාමුව
- දිගුකාලීන පාරිසරික, සාමාජීය හා ආර්ථික යහපැවැත්ම සඳහා නිෂ්පාදකයින් විසින් තිරසර අයුරින් සිය නිෂ්පාදන කටයුතු සිදු කිරීමත්, පාරිභෝගිකයින් වගකීමෙන් යුතුව සහ විචක්ෂණශීලිව නිෂ්පාදන හා සේවා පරිභෝජනය කිරීමත් කළ යුතුව ඇත. ඒ සඳහා තිරසර සංවර්ධන අරමුණු 12 යටතේ දක්වා ඇති පරිදි "තිරසර පරිභෝජන සහ නිෂ්පාදන රටාවන් සහතික කිරීම" සනාථ කිරීම සඳහා ප්‍රමිතිකරණය සහ සහතිකකරණය වැනි විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වා දිය යුතුව තිබේ. ඒ අනුව, නිෂ්පාදනවල පාරිසරික කාර්යසාධනයන් සිය පාරිභෝගිකයින් ඇතුළු අනෙකුත් සැපයුම්දාම පාර්ශ්වකරුවන්හට සනාථ කිරීමටත්, පාරිභෝගිකයින් හෝ ගැනුම්කරුවන්හට විශ්වසනීයත්වයකින් යුතුව අදාළ නිෂ්පාදන මිල දී ගැනීමේ තීරණ ගැනීමටත් හැකි වන පරිදි පාරිසරික ලේබල්කරණය පිළිබඳ ජාතික රාමුව ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.