• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- වර්තමානයේ සිදු වන ඇතැම් අවිධිමත් ඉඩම් පරිහරණ හා කෘෂිකාර්මික පිළිවෙත්, අවිචාරවත් ඝන අපද්‍රව්‍ය බැහැරලීම් හා තිරසර නොවන ලෙස ස්වභාවික සම්පත් උපයෝජනය වැනි විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසර පද්ධති හායනය, පාංශුඛාදනය, ජලමූලාශ්‍ර සිඳී යාම හා මානව-වනජීවී ගැටුම් වැනි ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත. ඒ හේතුවෙන් ජෛව විවිධත්ව හා පරිසර පද්ධති සේවා පදනම තර්ජනයට ලක් වී තිබේ. එම තත්ත්වය දිගුකාලීනව පරිසර පද්ධති හායනය වීමේ විෂම චක්‍රයකට ගොදුරු වීමට හේතු වනු ඇත. එබැවින්, සෑම දෙනා උදෙසාම සමාජ ආර්ථික යහපැවැත්ම සහ ජීවිත්විය හැකි පරිසරයක් උදෙසා වන පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශ ස්ථාපිත කිරීම මඟින් සෞඛ්‍ය සම්පන්න, සුරක්ෂිත සහ සංරක්ෂිත පරිසරයක් හා ආර්ථිකයක් සහතික කිරීම පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දීම මඟින් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, දිවයින පුරා පවතින පාරිසරික සංවේදී ප්‍රදේශ හඳුනාගනිමින්, එම ප්‍රදේශවල ඉඩම් පරිහරණ සැලසුම්කරණයට හා කළමනාකරණයට ප්‍රජාව, පුද්ගලික අංශය, රාජ්‍ය අංශය හා විශේෂඥ පිරිස් ආදී සියලු අංශවල සහභාගිත්වය ලබා ගනිමින් සහ-කළමනාකරණ ප්‍රවේශයක් සියලුම මට්ටම්වලදී සහතික කරමින් පරිසර සංවේදී ප්‍රදේශ සංරක්ෂණයටත්, තිරසර උපයෝජනයටත් අවශ්‍ය මග පෙන්වීම පිණිස ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.