• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම
- විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රියාමර්ග හඳුනාගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා; අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා; සහ මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.