• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
- 2005 වර්ෂයේදී සකස් කරන ලද ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15ක් පමණ ගත වී ඇති අතර වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි එකී ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.