• Increase font size
  • Default font size
  • Decrease font size

2022-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජෛව ගෝල රක්ෂිත දිනය ප්‍රකාශයට පත් කිරීම
- සෑම වසරකම නොවැම්බර් මස 03 දිනය "ජෛව ගෝල රක්ෂිත දිනය" ලෙස යුනෙස්කෝ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ජෛවගෝලීය රක්ෂිත ආරක්ෂා කිරීම පිළිබඳව දිරි ගැන්වීමක් ඇති කිරීමට සිය සංවිධානයේ සාමාජික රටවල් විසින් ජනතාවගේ අවධානය යොමු කිරීම පිණිස පියවර ගත යුතු බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දී තිබේ. ඒ අනුව, සෑම වසරකම නොවැම්බර් මස 03 වන දිනය "ජාතික ජෛව ගෝල රක්ෂිත දිනය" වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.