• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාලසීමාව තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කිරීම
- හදිසි වෛද්‍යමය අවශ්‍යතාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව රැස් වන දිනවලදී සහ අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළදී විදේශගත නොවිය යුතු බවට ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.