• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
i 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වන හා 5 වන වගන්ති යටතේ නිකුත් කරන ලද නියමයන් ඇතුළත් ගැසට් නිවේදන 05ක්;

ii 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයන් ඇතුළත් ගැසට් නිවේදන 02ක්;

iii 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයන් ඇතුළත් ගැසට් නිවේදන 02ක්;

iv 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ 3 වන වගන්තිය යටතේ නිකුත් කළ නියමයන් ඇතුළත් ගැසට් නිවේදන 02ක්; සහ

v 2005 අංක 06 දරන එකතු කළ අගය මත බදු පනතේ 2අ වගන්තිය යටතේ නිකුත් කළ නියමයන් ඇතුළත් ගැසට් නිවේදන 01ක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.