• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් කොමිෂන් සභාව විසින් 2023 වර්ෂයට අදාළව ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද නිර්දේශ
- ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ විධිවිධාන පරිදි මුදල් කොමිෂන් සභාව විසින් 2023 මුදල් වර්ෂය සඳහා වන නිර්දේශ ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස යෝග්‍ය පියවර ගැනීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 154ජ(7) ව්‍යවස්ථාව ප්‍රකාරව එකී නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.