• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ගල්ගමුව, පාළුකඩවල ශ්‍රී වාපිකාරාමාධිපති පූජ්‍ය එරියාවේ රත්නතිස්ස ස්වාමින් වහන්සේ විසින් විධායක අධ්‍යක්ෂ ධුරය දරන රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යූ.කේ.සුමිත් උඩුකුඹුර මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52(06)හි විධිවිධාන පරිදි විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම පිණිස අධ්‍යාපන ඇමතිතුමා වෙත යොමු කර තිබේ. නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. ඒ අනුව, එකී පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.