• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම
- විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මඟින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාර දීම මඟින් ශ්‍රීලංකන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යූහගත කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත. ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යභාරය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.