• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව
- 2022 09 29 වන දින පිලිපීනයේ මැනිලාහි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහභාගි වූ අතර එම බැංකුවේ පාලක මණ්ඩලයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන සාමාජික වශයෙන් එතුමා විසින් සමුළුවේ ව්‍යාපාරික සැසියේ මුලසුන දරමින් සිදු කරන ලද කථාවේදී ප්‍රධාන වශයෙන් අවධාරණය කරන ලද කරුණු සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ජපානයේ මුදල් අමාත්‍යතුමා සමඟ මෙන්ම පිලිපීන ජනරජයේ ජනාධිපතිතුමා සමඟ පවත්වන ලද ද්වීපාර්ශ්වික සාකච්ඡා පිළිබඳව ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.