• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වහල මත ස්ථාපනය කරන සූර්ය කෝෂ සඳහා වන ගාස්තු සංශෝධනය කිරීම
- වහල මත ඉදිකරනු ලබන සූර්ය බලාගාර ක්‍රමය මඟ‍ින් මේ වන විට මෙගාවොට් 580ක් පමණ ජාතික විදුලි පද්ධතියට එක් කර ඇති අතර, විදුලිබල මණ්ඩලය විසින් සකස් කරනු ලැබ ඇති විදුලිබල උත්පාදනය පුළුල් කිරීමේ දීර්ඝකාලීන සැලැස්මට අනුව තවත් මෙගාවොට් 1800ක පමණ විදුලි ධාරිතාවයක් එමඟින් සලසා ගැනීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා දිරිගැන්වීමක් වශයෙන් දැනට අනුමත සූර්ය බලාගාර වෙතින් විදුලිය මිල දී ගනු ලබන ගාස්තු සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ. එකී කමිටුවේ නිර්දේශය පරිදි ගාස්තු සංශෝධනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.