• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබාගත් ණය මුදලෙහි වලංගු කාලසීමාව දීර්ඝ කිරීම
- මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙතින් ජපන් යෙන් මිලියන 24,930ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම 2015 08 11 දින අත්සන් තබා ඇත. එකී ණය මුදලේ වලංගු කාලය 2022 10 28 දින අවසන් වීමට නියමිත වේ. ර‍ට තුළ පවතින වාතාවරණය හේතුවෙන් ව්‍යාපෘතිය සැලසුම්ගත අයුරින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බැවින් අදාළ ණය මුදලේ වලංගු කාලසීමාව දීර්ඝ කළ යුතුව ඇත. ඒ අනුව, එකී ණය මුදලේ වලංගු කාලසීමාව 2026 04 28 දින දක්වා දීර්ඝ කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.