• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතිය පනත් කෙටුම්පත
- සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය හෙවත් "සමථකරණය පිළිබඳ සිංගප්පූරු සම්මුතිය" එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී 2018 12 20 දින සාමාජික රාජ්‍යයන් විසින් අනුමත කර ඇත. ශ්‍රී ලංකාව 2019 08 07 දින එකී ගිවිසුමට අත්සන් තබා ඇති අතර, එය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා දේශීය නීති සම්පාදනය කිරීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, අදාළ සම්මුතියේ දැක්වෙන විධිවිධාන සැලකිල්ලට ගනිමින්, සුදුසු පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.