• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සඳහා සංශෝධන (XXX වන පරිච්ඡේදය - මරණ පරීක්ෂණ)
- මරණ පරීක්ෂණ පැවැත්වීම් සම්බන්ධයෙන් දැනට පවතින නීති, ක්‍රියාපටිපාටි සහ භාවිතයන් පිළිබඳ සුදුසු සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එකී කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.