• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර ලබා දීමේ පනත සංශෝධනය කිරීම
- 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර ලබා දීමේ පනතේ 3 වන සහ 10 වන වගන්තිවල ප්‍රතිපාදන මත, 2005 වර්ෂයේ දී බහාලුම් ක්‍රියාකරුවන්ගේ රෙගුලාසි නිකුත් කරනු ලැබ තිබේ. අධිකරණය විසින් එකී පනතේ 10 වන රෙගුලාසිය සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති අතර, අදාළ විධිවිධාන ඇතුළත් කරමින් 1972 අංක 10 දරන නැව් නියෝජිත බලපත්‍ර පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වා දීම පිණිස 2022-07-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.