• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම් ලබා දීම
- එ‍ෙතර රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරිගැන්වීමේ අරමුණින් හඳුනාගනු ලැබූ සහනයන් සලසා දීම පිණිස 2022-08-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබ ඇති අතර සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් හට ඇමෙරිකානු ඩොලර් 25,000ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, ඇමෙරිකානු ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත. කම්කරු හා විදේශ රැකියා ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද, විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීමේ අරමුණින් ගනු ලැබ ඇති පහත සඳහන් පියවරයන් සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී:

* ‍2023 04 30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

* ‍2022 05 01 දින සිට 2023 12 31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.