• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සැපයුම් දාම දිනය ප්‍රකාශයට පත් කිරීම
- අමුද්‍රව්‍ය අවසාන නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සැපයුම් දාම කළමනාකරණය වශයෙන් හඳුන්වන අතර, එමඟින් පාරිභෝගික වටිනාකම උපරිම කිරීමට සහ වෙළෙඳපොළ තුළ තරගකාරි වාසි ලබා ගැනීම සඳහා ව්‍යාපාරයක සැපයුම් අංශයේ ක්‍රියාකාරකම් සක්‍රීයව විධිමත් කිරීමට හැකියාව ලැබේ. සැපයුම් දාමයන් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව දේශීය ව්‍යාපාර හා ව්‍යවසායන් අතර දැනුම්වත්භාවය වැඩි කිරීමේ අරමුණින් ජාතික සැපයුම් දාම දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝග්‍යතාව සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය පෙන්වා දී තිබේ. ඒ අනුව, සෑම වර්ෂයකම ඔක්තෝබර් මස 24 දින "ජාතික සැපයුම් දාම දිනය" ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.