• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත රාජධානිය අතර ද්විපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුම
- ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1951 වසරේදී ආරම්භ කර ඇති අතර, ගුවන්සේවා ගිවිසුමක් ඇති කර ගැනීම මඟින් දෙරට අතර සෘජු මගී හා භාණ්ඩ ගුවන් ගමන් ආරම්භ කිරීමට පහසුකම් සැලසෙනු ඇත. එමඟින්, දෙරට අතර සංචාරක, අධ්‍යාපන, වෙළෙඳ, ආයෝජන, කෘෂිකාර්මික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇත. ඒ අනුව, දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකඟ වී ඇති කරුණු මත පදනම්ව ද්විපාර්ශ්වික ගුවන්සේවා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.