• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම පිණිස සහ උතුරු නැ‍ඟෙනහිර ගැටුම්වලින් පසු නැවත පදිංචි වීම්, ඉඩම් හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම පිණිස ගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ස්ථාපිත කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
අග්‍රාමාත්‍ය

* ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා
ධීවර අමාත්‍ය

* ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය

* ගරු අලි සබ්රි මැතිතුමා
විදේශ කටයුතු අමාත්‍ය