• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදු පදනම මත ලබා දෙන පරිශ්‍රයන්හි සන්තකය ආපසු ලබා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත
- බදු පදනම මත ලබා දෙන පරිශ්‍රයන්හි සන්තකය ආපසු ලබා ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත වෙනුවට නව නීතියක් පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2021 සැප්තැම්බර් මස 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව, අනුමැතිය සඳහා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.