• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයුර්වේද පනත සංශෝධනය කිරීම
- 1961 අංක 31 දරන ආයුර්වේද පනත මීට පෙර වරින්වර අවස්ථා කිහිපයකදී සංශෝධනය කරනු ලැබ ඇති අතර තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි හා කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් එකී පනත තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සේවාවන් පුළුල් කිරීම සඳහා සහ පර්යේෂණ ඔසු උයන් ඇති කිරීම වැනි කාර්යයන් සඳහා යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ආයුර්වේද පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.