• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උප තැපැල් ස්ථානාධිපතිවරියන් සඳහා ප්‍රසූත නිවාඩු ලබා ගැනීමේදී ගෙවනු ලබන ආදේශක දීමනාව ඉහළ නැංවීම
ශ්‍රී ලංකා උප තැපැල් ස්ථානාධිපති සේවා ව්‍යවස්ථාව අනුව උප තැපැල් ස්ථානාධිපතිවරියකට ප්‍රසූත නිවාඩු කාලය තුළදී තම වියදමින් ආදේශකයෙකු සේවයේ යොදවා ගැනීමට යටත්ව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව ප්‍රසූත නිවාඩු ලබා ගැනීමට හිමිකම ඇති අතර, එම කාලසීමාව තුළ දී ආදේශක දීමනාව වශයෙන් දින 30ක දෛනික වැටුපට සමාන දීමනාවක් පමණක් ගෙවනු ලබයි. අදාළ ප්‍රසූත නිවාඩු කාලසීමාව තුළ ආදේශකයෙකු සිය වියදමින් සේවයේ යෙදවිය යුතු බැවින් බොහෝ උප තැපැල් ස්ථානාධිපතිවරියන් තම ප්‍රසූත නිවාඩුව දින 30කට පමණක් සීමා කරනු ලබන බව පෙනී ගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම සෙසු වෛද්‍ය නිර්දේශයන් අනුව ද බිළිඳකු වෙත උපතේ සිට අවම වශයෙන් මාස 06ක් ගතවන තෙක් මව්කිරි ලබා දිය යුතු වේ. ඒ අනුව, උප තැපැල් ස්ථානාධිපතිවරියන්ට දැනට ගෙවනු ලබන දින 30ක දීමනාව වෙනුවට දින 84ක දීමනාවක් ගෙවීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.