• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල - දෙනියාය - මාදම්පේ මාර්ගයේ සූරියකන්ද - රක්වාන (A 017) දක්වා වන මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
- ගාල්ල - දෙනියාය - මාදම්පේ මාර්ගයේ සූරියකන්ද - රක්වාන දක්වා වන මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල සමඟ ණය ගිවිසුමකට එළඹ ඇත. එම මාර්ග කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු කොන්ත්‍රාත් පැකේජ 03ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අතුරින් කොන්ත්‍රාත් පැකේජ 02ක් අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ අධිකාරි සීමාව යටතට ගැනෙන අතර ඉතිරි කොන්ත්‍රාත් පැකේජය අමාත්‍ය මණ්ඩලයේ අධිකාරි සීමාවට යටත් වේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලයේ අධිකාරි සීමාව යටතට ගැනෙන කොන්ත්‍රාත් පැකේජය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, සීමාසහිත කේ.ඩි.ඒ.වීරසිංහ සහ පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.