• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියානු රජයේ ආධාර මත කුලියාපිටිය නාරංගල්ලේ ස්ථාපනය කරනු ලබන තාක්ෂණ විෂය ධාරාව සඳහා වූ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- තාක්ෂණවේදය විෂය ධාරාව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් කොරියානු රජයේ ආධාර සහ දේශීය අරමුදල් යටතේ කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට 2017-01-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, විවිධ හේතූන් මත 2021 නොවැම්බර් මස අවසන් වන තෙක් කොරියානු අන්තර්ජාතික සහයෝගිතා පිළිබඳ නියෝජිතායතනය වෙත පැවරී ඇති ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇත. එකී ඉදි කිරීම් කටයුතු සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය වෙත පැවරීමට කොරියානු අන්තර්ජාතික සහයෝගිතා පිළිබඳ නියෝජිතායතනය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.