• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටොන් 80ක ධාරිතාවයෙන් යුත් Bollard Pull Twin Azimuth Stern Drive Harbour වර්ගයේ ටග් යාත්‍රාවක් මිලදී ගැනීම
- කොළඹ වරාය තුළ දැනට හොඳ තත්ත්වයෙන් ක්‍රියාකරන ටග් යාත්‍රා 07ක් ඇති අතර, අනාගත මෙහෙයුම් සඳහා ටොන් 80ක ධාරිතාවයෙන් යුත් තවත් එක් ටග් යාත්‍රාවක් මිලදී ගත යුතු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රියාවලිය අනුගමනය කරමින් ටග් යාත්‍රාවක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.