• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පැරණි නීතිමය තැන්පතු නීතිය වෙනුවට නීතිමය තැන්පතු නව පනතක් හඳුන්වා දීම
- ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය හා සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු කරන පොදු අධිකාරිවල සාක්ෂිමය ලේඛන සහ පෞද්ගලික ලේඛන ක්‍රමානුකූලව කළමනාකරණය සහ සංරක්ෂණය කිරීම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත. එවැනි මුද්‍රිත ප්‍රකාශනවල නීතිමය තැන්පතුවලට අදාළව 1839 අංක 5 දරන පුවත්පත් ආඥා පනත, 1885 අංක 1 දරන මුද්‍රණකරුවන්ගේ හා ප්‍රකාශකයින්ගේ ආඥාපනත සහ 1902 අංක 16 දරන මුද්‍රණාල ආඥාපනත යන පනත් 03ක් එම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අදාළ ලේඛනවල නීතිමය පිටපත් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තැන්පත්ව පවතී. ලෝකයේ රටවල් 131ක් අතුරින් පැරණිතම නීතිමය තැන්පතු නීතිය ශ්‍රී ලංකාවේ පවතින අතර වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් එකී නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, 2018 වර්ෂයේ සිට අදාළ විෂය සම්බන්ධ ප්‍රවීණයන්ගේ කමිටුවක් විසින් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසමින් සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව නීතිමය තැන්පතු නව පනතක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.