• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන (101 වන අධිකාරය) (205 වන වගන්තිය)
- නඩුවක පාර්ශ්වයන් වෙත නඩු තීන්දුවේ හෝ තීන්දු ප්‍රකාශයේ සහතික කළ පිටපත් ලබා දීමට අදාළව සිවිල් නඩු විධාන සංග්‍රහය (101 වන අධිකාරය) (205 වන වගන්තිය) සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත් කිරීම පිණිස 2022-01-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.