• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
විවෘත ගිණුම් ක්‍රමය යටතේ භාණ්ඩ ආනයනය කිරීමට අදාළව 2022 අංක 15 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි සහ විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට මුදල් ප්‍රේෂණය සිදු කිරීම දිරිගැන්වීමේ අරමුණින් 2022 අංක 16 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි නිකුත් කරනු ලැබ ඇත. ඒ අනුව, කිරිපිටි හා රතු පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ කුකුළු ආහාර නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විවෘත ගිණුම් / භාණ්ඩ විකිණීමෙන් පසු මුදල් ගෙවීමේ පදනම යන ගෙවීම් ක්‍රම යටතේ ආනයනය කිරීම බලාත්මක කිරීම සඳහා පනවන ලද 2022 අංක 15 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි, 2022 09 16 දිනැති අංක 2297/79 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කර තිබේ. එමෙන්ම, විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් දිරි ගැන්වීමේ ක්‍රමයක් ලෙස ඔවුන් හට පූර්ණ විදුලි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙන පරිදි පනවන ලද 2022 අංක 16 දරන ආනයන අපනයන රෙගුලාසි, 2022 09 23 දිනැති අංක 2298/55 දරන අති විශෙෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත. ඒ අනුව, ඉහත සඳහන් ආනයන අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.