• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තානායම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් කොටසක් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
- නාගරික සංවර්ධන අධිකාරියට අයත් අංක 09, කරෙයිතිව් පාර, යාපනය පිහිටි ඉඩම, තානායම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 30 අවුරුදු බදු පදනම මත ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටල් සමාගම වෙත ලබා දීම පිණිස යෝජනා කර ඇත. ඒ අනුව, අදාළ කොන්දේසි මත එකී ඉඩම ග්‍රෑන්ඩ් මවුන්ටන් (පෞද්ගලික) සමාගම වෙත තානායම සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වසර තිහක (30) කාලයකට බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.