• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය උදෙසා එකවර මුදලක් ගෙවීම
අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරන, දක්නට නොලැබීමේ සහතිකය පදනම් කර ගනිමින් අතුරුදහන් වූ තැනැත්තාගේ ළඟම ඥාතියාට රුපියල් 100,000/-ක මුදලක් ගෙවීම පිණිස 2022 03 14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. එහෙත්, දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීමත්, ගෙවනු ලබන රුපියල් 100,000/-ක මුදල ප්‍රමාණවත් නොවීමත් යන කරුණු සැලකිල්ලට ගෙන, අදාළ පුද්ගලයා අතුරුදහන් වී ඇති බවට හානිපූර්ණ කාර්යාලය විසින් තහවුරු කර ගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීමටත්, ගෙවනු ලබන මුදල රුපියල් 200,000/- දක්වා වැඩිකිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.