• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලැබූ ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
- 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන අනුව ස්ථාපිත කර ඇති ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන යටතේ හඳුනාගත් ආයෝජකයන් 16 දෙනෙකු වෙත වසර 35ක දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉඩම් කොටස් 16ක් වෙන් කර දීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.