• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- 2023 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත, කෙටුම්පත් කිරීම පිණිස 2022 08 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එක් එක් වැය ශීර්ෂය සඳහා වන කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත්ව සකස් කරන ලද 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. 2023 වර්ෂය සඳහා වන මුළු පුනරාවර්තන වියදම රුපියල් බිලියන 4,634ක් වශයෙන් හා මුළු මූලධන වියදම රුපියල් බිලියන 3,245ක් වශයෙන් ඇස්තමේන්තුගත කර තිබේ. ඒ අනුව, 2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.