• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාසල් දිවා ආහාර වැඩසටහන
- රජය විසින් වාර්ෂිකව රුපියල් බිලියන 4ක පමණ වියදමකින් පාසල් 7,926ක සිසුන් මිලියන 1.08ක් ඉලක්ක කරගනිමින් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. දිළිඳුකම තුරන් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ "කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය" යන අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස ඉලක්ක කරගත් වැඩසටහන් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි. ඒ යටතේ දිළිඳුකම සහ‍ පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් පවතින දත්ත පදනම් කර ගෙන, අවශ්‍ය අරමුදල් විදේශීය ප්‍රදානයන් මඟින් සලසා ගනිමින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කර තවත් පාසල් සිසුන් මිල‍ියනයකට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබා දීම පිණිස යෝග්‍ය පියවර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.