• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය
- ආසියානු සංවර්ධන බැංකුව විසින් සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් භාවිත කරමින් 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මෙට්‍රික්ටොන් 40,000ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2022 06 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව Ameropa Asia Pte. Ltd. සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.