• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජය සතු ව්‍යවසායයන්හි සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝධනය කිරීම
- පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මඟින් යෝජිත පරිදි රජය සතු ව්‍යවසායයන්හි සේවය කරනු ලබන සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 වශයෙන් සංශෝධනය කළ යුතුව තිබේ. ඒ අනුව, 2023 01 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඒ සඳහා වන විධිවිධාන පනවමින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.