• Increase font size
  • Default font size
  • Decrease font size

2022-10-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ආහාර ප්‍රතිපත්ති කමිටුව' ස්ථාපිත කිරීම
- ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පෝෂණය සහතික කිරීම සඳහා වන තීරණයන්ට එළඹීමේදී බිම් මට්ටමේ සිට ඉහළට පෙළ ගැසෙන උපායමාර්ගයක් අනුගමනය කරමින් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන මධ්‍යස්ථාන සවිබලගැන්වීමේ අරමුණින් බහු-ආංශික යාන්ත්‍රණයක් රජය විසින් මෑතකදී ස්ථාපිත කරනු ලැබ ඇත. අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීමේ හා බෙදාහැරීමේ සමස්ත යාන්ත්‍රණය කෙරෙහි මග පෙන්වීම හා අධීක්ෂණය කිරීම මෙන්ම, විවිධ පරිපාලන මට්ටම්වලදී සමාජය තුළ වඩාත්ම අවදානමට ලක්විය හැකි පිරිස් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාව එකී යාන්ත්‍රණය මඟින් තහවුරු කරනු ලබයි. එම යාන්ත්‍රණය විධිමත්ව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිණිස සැපයුම, මිල ගණන් සහ අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලු මෙන්ම රට තුළ සැපයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයන් අතර විශ්වාසය ගොඩනැඟීම හා දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ සභාගිත්වයෙන් "ආහාර ප්‍රතිපත්ති කමිටුව" ස්ථාපිත කිරීම සඳහා ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.