• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීම
- දැනට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමටත්, එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතු බවටත් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.