• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විගමණික ශ්‍රමිකයන් සඳහා රක්ෂණ හිමිකම් ලබා දීම පිණිස රක්ෂණ ආයතන තෝරා ගැනීමේ ප්‍රසම්පාදනය
- ශ්‍රී ලංකා විගමණික ශ්‍රමිකයන් සඳහා රක්ෂණාවරණය සලසා දීම සඳහ‍ා සුදුසු රක්ෂණ ආයතන තෝරාගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම සඳහා 2021 05 17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. යෝජිත රක්ෂණාවරණය සඳහා රජයේ අරමුදල් වැය නොකරන අතර ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් විදේශගත වීමේදී ඔවුන් වෙත රැකියා ලබා දෙනු ලබන සේවායෝජකයා විසින් ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන රක්ෂණ ආයතනයක් මඟින් එකී රක්ෂණාවරණය ලබා දිය යුතු වේ. ඒ අනුව, යෝජනා ඉදිරිපත් කරන රක්ෂණ ආයතන 09ක් අතුරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් රක්ෂණ ආයතන 06 නිර්දේශ කරනු ලැබ ඇත. එකී රක්ෂණ ආයතන සමඟ විධිමත් ගිවිසුම්වලට එළඹීම සඳහා ශ්‍රී ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශය වෙත බලය පැවරීම පිණිස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.