• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් සංශෝධනය කිරීම
- පවතින විදේශ විනිමය හිඟය, ණයවර ලිපි විවෘත කිරීමේ අපහසුතා මෙන්ම පෙර ගෙවීම් ක්‍රමයට අදාළ මුදල් ගෙවීමේ සීමා හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අත්‍යවශ්‍ය යෙදවුම් නියමිත කාලය තුළදී මෙරටට ආනයනය කිරීමට අපහසුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. විශේෂයෙන්ම, කෘෂිකාර්මික යෙදවුම් ආනයනය කිරීමේදී එවැනි ආනයනයන්ට අදාළ සෑම ඇණවුමක් සඳහාම ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගත යුතු වීම හේතුවෙන් අදාළ ආනයනයන් ප්‍රමාද වීම මෙන්ම අතිරේක පිරිවැයක් දැරීමට ද සිදු වන බව කෘෂිකාර්මික යෙදවුම් ආනයනකරුවන් විසින් රජයේ අවධානයට යොමු කර ඇත. ඒ අනුව, එළඹෙන මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමට හැකි වන පරිදි, හඳුනාගත් කෘෂි බීජ, කෘෂි රසායන ද්‍රව්‍ය සහ රසායනික පොහොර ආනයනය කිරීමේදී දැනට අදාළ වන පෙර ගෙවීම් සීමාව වන ඇමෙරිකානු ඩොලර් 50,000ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000 දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.