• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීම
- රජය විසින් ග්ලයිෆොසේට් ආනයනය කිරීම තහනම් කිරීම/සීමා කිරීම පිණිස ගනු ලැබු ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් සියලුම ආකාරයේ කෘෂිකාර්මික කටයුතුවලට දැඩි බලපෑමක් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල අඩුවීමක් මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වෙළෙඳපොළ මිල ඉහළ යාමක් ද සිදුව ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2022/23 මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු වඩාත් ඵලදායී අයුරින් සිදු කිරීමට හැකි වන පරිදි අවශ්‍යතාව අනුව සියලුම කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට නිර්දේශ ඉදිරිපත්ව ඇත. ඒ අනුව, මාස හයක (06) කාලයක් සඳහා කෘෂිකාර්මික කටයුතුවලට අත්‍යවශ්‍ය ග්ලයිෆොසේට් ප්‍රමාණය ආනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම පිණිස ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.