• Increase font size
  • Default font size
  • Decrease font size

2022-09-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක් හඳුන්වා දීම
- ශ්‍රී ලංකාව තුළ රූපවාහිනී, ගුවන්විදුලි හා නව මාධ්‍යයන්හි අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා දැනට මූලික නීතියක් නොමැති අතර ඒ හේතුවෙන් එවැනි මාධ්‍යයන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී මෙන්ම එකී මාධ්‍යයන් විසින් ශ්‍රව්‍ය දෘෂ්‍ය අන්තර්ගතයන් විකාශන‍ය කිරීමේදී ඇතැම් විට විවිධ පාර්ශ්වයන්ට නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇත. ඇතැම් මාධ්‍යයන් සදාචාර විරෝධී අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතු වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලු මතුව තිබේ. එබැවින්, භාෂණයේ සහ ප්‍රකාශනයේ උපරිම නිදහස ආරක්ෂා කරමින් තාක්ෂණික මෙන්ම නෛතික ක්ෂේත්‍රයන්හි දැනට සිදුවෙමින් පවතින වෙනස්කම් ද සැලකිල්ලට ගනිමින්, මහජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට හැකි වන අයුරින් නව විකාශන නීතියක් හඳුන්වා දීම පිණිස ජනමාධ්‍ය ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන, ඒ සඳහා වන යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමාගේ සභාපතිත්වය යටතේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.